රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අවධාරණය කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ කෘෂිකර්මාන්තය සම්බන්ධ අමාත්යවරුන් හා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
“රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගා විමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී.”











