”පොළොන්නරුවේ මිනිස්සුන්ට ඉගෙන ගන්න වුවමණාවක් නැහැ, මොකටද ඉගෙන ගන්නේ, වතුර ටිකයි පොහොර ටිකයි හම්බ වුණාම ඇති” මෙලෙස පැවසූවේ පොළොන්නරුවේ පැවති උතුරු මැද පලාත් ප්රගති සමාලෝචන රැස්වීමේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයායි.
එම ප්රකාශයත් සමඟ උරණ වූ මෛතී්රපාල සිරිසේන ඇමතිවරයා ”එහෙම කතාකරන එක වැරදියි, පෙළොන්නරුවේ දරුවන් විශාල පිරිසක් උසස් තනතුරුවල ඉන්නවා, ඇමතිතුමාගේ කතාවට මම සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා..” යයි ප්රකාශ කරමින් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇතිවිය.
මේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ගැටුම සමථයකට පත්කර ඇත.









