මෛත්‍රීගේ ප්‍රකාශයෙන් මහින්දගේ ඡන්ද පදනම තවත් වැටුනා

හිටපු ජනපතිට කුරුණෑගලින් ලැබීමට නියමිතව තිබූ එක්ලක්ෂ හැත්තෑපන්දහසක (175,000) මනාප ප්‍රමාණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු හැත්තෑපන්දහසට (75,000) බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඊයේ (15) පුරවැසි බලය සංවිධානය නුගේගොඩදී සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වෙමිනි පැවසීය.

ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, රංගන ශිල්පිනී දීපානී සිල්වා, රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා, සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, රංගන ශිල්පී ලූෂන් බුලත්සිංහල, රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා ඇතුළු පිරිසක්ද ඊට එක් වී සිටියහ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්