මෛත්‍රීගේ අගමැති යෝජනාවට ෆවුසි එකඟවෙයි

යම් හෙයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේ බහුතරය ලබා ගත්තද අගමැති ධුරය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂට ලබා නොදෙන බවත් ඒ සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ නායකයන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ අති බවත් සඳහන් කරමින් ඊයේ (13) මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් නම් අතරින් ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, අතාවුද සෙනෙවිරත්න යන එය ප්‍රතික්ෂේප කළද ඒ.එච්.එම් ෆවුසි මහතා පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සභාපතිවරයා ලෙසත් රටේ ජනාධිපතිවරයා ලෙසත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන තීරණවලට තමන් එකඟ වන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරනයට එකඟ නොවෙමින් ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, චමල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, අතාවුද සෙනෙවිරත්න යන අය අත්සන් තැබූ ලිපියට ඒ.එච්.එම් ෆවුසි මහතා සිය අත්සන තබා නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්