මේ රටේ ශ්‍රී ලාංකික බලවේගය ගොඩනගන එකම බලවේගය මාලිමාවයි – මුනීර් මුලෆ්ර්

මේ රටේ ශ්‍රී ලාංකික බලවේගය ගොඩනගන එකම බලවේගය මාලිමාවයි – මුනීර් මුලෆ්ර්

මේ රටේ ශ්‍රී ලාංකික බලවේගය ගොඩනගන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණකැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මුනීර් මුලෆ්ර් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දා කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ දී පවත්වනු ලැබූ ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මුනීර් මුලෆ්ර්,

“මේ රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට, බෞද්ධ, හින්දු, කතෝලික, ස්ලාම් ආගමික සියලු දෙනාටම කියන්න කැමතියි, ඔබ කැමති නිදහසෙන් පස්සේ අවුරුදු 76ක් තිසේසේ අපි බෙදිල හිටිය වගේම ජාති වශයෙන්, ආගම් වශයෙන් බෙදිලා තව දුරටත් මේ ගමන යන්නද? එහෙම නැත්නම් අපි කැමති ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව මේක ජයග්‍රහණය කරන්නද? එහෙමනම් අපි අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනා. වෙන කිසිම බලවේගයක් නැහැ. මේ රටේ ශ්‍රී ලාංකික බලවේගය ගොඩනගන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි කියන එක බය නැතුව කියන්න පුළුවන්.

අතීතයේ ඒ සියලු පක්ෂ භාවිතාවෙන් ඔප්පු කරලා තියෙනවා අපිව බෙදලා, අපි අතර වෛරය ඇති කරලා සැකය ඇති කරලා හැමදාම මේ රට විනාශ කරලා තිබෙනවා. ඒ නිසා අපි දන්නවා මේ රටේ පුරාම ඉන්න ජනතාව කැමතියි ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වෙන්න.

අවසාන වශයෙන් ආදරණීය අම්මේ තාත්තේ. අපේ දරුවෝ අතීතයට බනිනවිට ඔවුන් බනින්නේ වැරදි කරපු අයට විතරක් නෙවෙයි. ඒ වැරැද්ද දෙස නිහඬව බලා හිටපු අයටත් එක්ක. ඒ නිසා තවදුරටත් මේ තත්වය දිගටම යන්නේ නැතුව මේ රට වෙනස් කරන්න ඕනා. වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි හැම කෙනාම පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජාතික ජන බලවේගයෙට ජය වේවා. මාලිමාවට ජය වේවා. රටටම ජය වේවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්