ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති තත්වයන් පිළිබඳව 19වන ව්යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ සාමාජික ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතාගෙන් අප විමසීමක් කළෙමු. ජනාධිපති බලතල සංශෝධනය කිරීමත් සමගම මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම ඉතා හොඳ වුවත් මේ දෙක එකිනෙක බැඳී නොමැති බැවින් එකක් සිදුවෙන තුරු අනෙක සංශෝධනය කල් දැමීමෙන් මහා විනාශයක් විය හැකි බවට ඔහු අනතුරු අඟවා සිටී.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජයම්පත් වික්රමරත්න මහතා “මේ වනවිට හුඟක් අයට විධායක ජනාධිපති ක්රමයෙන් බැටකාපු හැටි අමතක වෙලා. සීඅයිඩී එක පස්සෙන් ආපු හැටි, සුදු වෑන් සංස්කෘතිය ජනතාව හඹා ආපු හැටි, ටෙලිෆෝන් ටැප් කරපු හැටි, මාධ්ය මර්ධනය කරපු හැටි අමතක වෙලා. අද ඒ කිසි දෙයක් සිදු වෙන්නේ නැති නිසා 19වන ව්යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව යම් යම් අය කටයුතු කරමින් ඉන්නවා.”
එසේ පැවසූ ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතා තරයේම කියා සිටියේ ඊළඟ යක්ෂයා එනතුරු මෙය ප්රමාද කළහොත් මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් යළිත් කිසිදා ශ්රී ලංකාවාසීන්ට උදාවිය. නොහැකි බවයි.
කෙසේ හෝ 19වන ව්යවස්ථා සංශෝධනයේ ප්රමාදය පිළිබඳව ආචාර්ය ජයම්පති වික්රමරත්න පිළිතුරු දෙමින් “ජනාධිපතිවරයාගේ පාලන බලතල වෙනස් කිරීම හා මැතිවරණ ක්රමය වෙනස් කිරීම පසුගිය මැතිවරණ ප්රකාශනයේ දැක්වෙන්නේ කරුණු දෙකක් විදිහටයි. මේ කරුණ දෙකම ඉටු කිරීම ඉතාම හොඳයි. මේ සංශෝධන දෙකම එකවර කළ හැකිනම් එයත් ඉතාමත් හොඳයි. හැබැයි මැතිවරණ ක්රමය සඳහා පක්ෂවල අදහස් වමසමින් විධායක ජනාධිපති වරයාගේ බලතල සංශෝධනය ප්රමාද කිරීම ඉතාම භයානකයි. මොකද මැතිවරණ ක්රමය ගැන කියමින් විධායක ජනාධිපති බලතල සංශෝධනය ප්රමාද කිරීම නොකෙරෙන වෙදකමක් බවට පත් වෙන්න ඉඩ තිබෙන නිසා.”
උපුටාගැනීම ලංකා ඉරිදා සංග්රහය









