කොවිඩ් – 19 ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්යාව ඊයේ (18) වාර්තා වී තිබේ. එම ගණන 34කි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්යාව 1015කි.
එමෙන්ම ඊයේ දිනයේ වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 2518කි.
ඉන් 2,478ක් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන බවත් තවත් 40ක් විදේශගතව සිට පැමිණි අයෙන් වාර්තා වූ බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට ශ්රී ලංකාව පසුවන්නේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇති රටයල් අතර 82වන ස්ථානයේය.















