මෙරට වැඩිම ආසාදිත මරණ ඊයේ…

මෙරට වැඩිම ආසාදිත මරණ ඊයේ…

කොවිඩ් – 19 ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (19) වාර්තා වී තිබේ. එම ගණන 36කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1051කි.

එමෙන්ම ඊයේ දිනයේ වාර්තා වූ සමත්ත ආසාදිතයින් ගණන 3623කි. එයද මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

ඉන් 3,591ක් අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන බවත් තවත් 32ක් විදේශගතව සිට පැමිණි අයෙන් වාර්තා වූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාව පසුවන්නේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇති රටයල් අතර 82වන ස්ථානයේය.

ඉන් පස්දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවෙස්වලදී වීමද විශේෂත්වයකි. එමෙන්ම තවත් 09 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එක් රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තවත් රෝහලක් වෙල මාරුකරමින් සිටින අවස්ථාවේදීය. ඇඹිලිපිටිය රෝහලේ සිට හෝමාගම රෝහල වෙත ගෙන අතරතුරද අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්