මෙරට ධීවරයන්ට ඉන්දීය ධීවරයන් ඊයෙත් ගහලා

කල්පිටියේ සිට නාවික සැතපුම් 20ක් ඈතින් ශ්‍රී ලංකා ධීවර යාත්‍රා පෙළකට ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඊයේ (28) හදිසි ගුවන් විදුලි පණිවඩයක් කල්පිටියට ලැබී ඇත.

කල්පිටිය ධීවර යාත්‍රා සංගමය එය විජය නාවික හමුදාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ධීවර යාත්‍රා 10කට ඉන්දිය ධීවර යාත්‍රා 30ක් පමණ වටකර ගෙන දැල් ඇතුළු ධීවර යාත්‍රාවලට හානි කර ඇතැයි ගොඩබිමට වාර්තා වී ඇත.

මෙරට ධීවරයන් 5000කන් සමග ඉන්දියාවට ගොස් විරෝධතා දක්වන්නේයැයි පැවසූ ඩග්ලස් දේවානන්දා මහතා තවමත් මේ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.

අශ්‍රිත පුවත්

ඉන්දු – ලංකා ධීවර ගැටුමක් – ආරක්ෂාවට යැවූ යාත්‍රා ආපසු ගෙන්වයි

ඉන්දු – ලංකා ධීවර ගැටුම් ඊයෙත්

ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්