
නුගේගොඩ, දෙල්කඳ පොළ පිහිටි භූමිය වෙළෙඳාම සඳහා ලබානොදීමට එම ඉඩම් හිමිකරු ගෙන ඇති තීරණය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.
එම පොළ පිහිටි භූමිය පෞද්ගලික හිමිකරුවෙකුට අයත් වන අතර එහි වසර 100කට අධික කාලයක් තිස්සේ “ඉරිදා දෙල්කඳ පොළ” නමින් පවත්වාගෙන යන බව එහි වෙළෙඳ පිරිස් පවසති.
අද අලුයම වෙළෙඳුන් ඉදිරිපස යකඩ ගේට්ටුවත් පිටුපස තාප්පයෙන් කොටසකුත් කඩා බලහත්කාරයෙන් එම භූමියට ඇතුළු වී වෙළෙඳාම් කටයුතු ආරම්භ කිරීම නිසා නොසන්සුන්කාරී තත්ත්වය වර්දනය වී ඇත.
දෙල්කඳපොළ වෙනත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් යෝජිත ක්රියාමාර්ග නොගැනීමෙන් තමන් දුෂ්කරතාවට පත්ව සිටින බවට ඔවුහු පෙන්වාදෙති.
කෝට්ටේ සහ මහරගම නගර සභා අතර රත්තණපිටිය ප්රදේශයේ පවතින ඉඩමක් සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති වීම එම යෝජනාව ක්රියාත්මක කිරීම කල් යාමට හේතුව බව අනාවරණය වේ.










