මුහුදෙන් එතෙර අයත් බලා සිටින කාන්තා පෙළගැස්ම අද

මුහුදෙන් එතෙර අයත් බලා සිටින කාන්තා පෙළගැස්ම අද

නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් කාන්තාවන් සක්‍රියව දේශපාලනයේ යෙදෙන ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ දිස්ත්‍රික් කාන්තා සමුළු මාලාවේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද සවස 3ට හෝමාගමදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජාතික ජන බලවේගයේ මෙම කාන්තා රැලි පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබෙන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය දෙසැම්බර් 30 වෙනි දින මාතරින් ආරම්භ කරන ලද මෙම සමුළු මාලාව මේ දක්වා එක් දිස්ත්‍රිකවල ජනගහනයට සාපේක්ෂව ඉහළම සහභාගීත්වයක් සහිතව පවත්වාගෙන යන බව ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන පක්ෂ පවා පිළිගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්