
රජය මුහුණ දී සිටින මුල්ය අර්බුදයේ තරම කොතරම් ප්රබලදැයි කියාපාමින් රට තුළ මුල්ය කළමනාකරණය පවත්වාගෙන යාමේ හැකියාව ගිලිහෙමින් තිබෙන බව සනාතවන්නේ යැයි ආර්ථික විශ්ලේශකයෝ පවසති.
රුපියලේ අගය නොකඩවා පහතවැටීම, පොලී අනුපාතික ඉහළයාම සහ රාජ්ය ණය ගැනීම් විශාල වශයෙන් ඉහළ යාම යන සාදක සලකා බැලීමේදී මූල්ය කළමනාකරණය පවත්වාගෙනයා නොහැකි බව සනාත වන්නේයැයි වැඩිදුරටත් පැවසේ.
මේ වන විට ඩොලරය රුපියල් 135ට ආසන්න වී ඇත. එමෙන්ම බැංකු පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් සදහා ගෙවනු ලබන පොලී අනුපාතිකයන්ද වේගයෙන් ඉහළ යමින් පවතී. මාස 06කින් ගෙවා නිදහස් කරන භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 12.16 ක් දක්වාත් මාස තුනේ භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 11.93 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
මේ අතර රාජ්ය ණය ගැනීම් වසරේ මුල් මාස දෙක තුළදී රුපියල් කෝටි 13,630කින් ඉහළ ගොස් ඇත. මේ සතිය මුලදී පළ කළ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ දැන්වීමට අනුව පෙරදී රුපියල් මිලියන 10,000ක වටිනා බිල්පත් රුපියල් මිලියන් 12,000 දක්වා ඉහළ දමා ඇත. මේ කරුණු සලකා බැලීමේදී රාජ්ය මුල්ය කළමනාකරණය සම්පූර්ණයෙන්ම බිදවැටෙමින්පවතින බව ආර්ථික විශ්ලේශකයන්ගේ මතයයි.









