ජාත්යන්තර මූල්ය අරමුදල විසින් රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුවට පනවා තිබෙන නවතම කොන්දේසි අනුව මෙරට අයවැය ලේඛනය ස්වාධීන කළ යුතු යැයි ප්රබල ම නව කොන්දේසියක් ඇතුලත් කර තිබේ.
පසුගිය 31 වෙනි දින නිකුත් කරන ලද දේශය පුවත්පතෙන් මේ බව හෙළිකර තිබිණි. මෙයට පෙර ශ්රී ලංකා මහ බැංකුව ස්වාධීන කළ යුතු බවට මූල්ය අරමුදල පනවන ලද නියෝගය ඉටු කිරීමත් සමඟ එම බැංකු සේවකයින්ගේ සහ නිලධාරීන්ගේ වැටුප් අසීමිත ලෙස ඉහළ දමා ගැනීමෙන් රට තුළ ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.
එසේ පවතිද්දි ශ්රී ලංකාවේ අයවැය ස්වාධීන කළ යුතු බවට පනවා තිබෙන අලුත්ම කොන්දේසියේ හරයාත්මක කරුණු මේ දක්වා හෙළිකර නැත. එසේ වුවත්, අයවැය ලේඛනය ස්වාධීන කිරීම යන්නෙන් මුදල් ඇමති තව දුරටත් මුදල් මූල්ය අරමුදලේ රබර් මුද්රාවක් පමණක් බව විචාරකයින් පෙන්වා දී තිබේ.










