හිටපු නියෝජ්ය ඇමතිවරුයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිංගිරිය ආසනයේ ප්රධාන සංවිධායකවරයාද වන මුනිදාස ප්රේමචන්ද්ර මහතා පසුගිය 12 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඉල්ලා අස් වනබව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති සුසිල් ප්රේමජයන්ත මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇත.
ඔහු මෙසේ ඉල්ලා අස් වනවිට බිංගිරිය ප්රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්රිවරයකුව සිටියේය.
ඔහුගෙන් හිස්වන මන්ත්රි පුරප්පාඩුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ මීලඟට පෙරමුණේ ඇති සමෘද්ධි නිලධාරියකු වන චමින්ද සමරනායක මහතා තේරී පත්වීමට නියමිතය.









