මී ළඟ පොලිස් මුල් පුටුව කාටද?

policecz-lankatruth.jpg - 61.17 Kbපොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නිල කාලය අප්‍රේල් මස 12 වැනි දින අවසන් වීමට නියමිත අතර ඔහු විශ්‍රාම යෑමෙන් අනතුරුව පොලිස්පති ධූරයට පත්වීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු අතර තරගයක් හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එන්.කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වයේ ඉහලින්ම සිටින සිව්දෙනාගෙන් අයෙකු පොලිස්පති ලෙස පත් කෙරෙනු ඇති බව වාර්තා වේ. වත්මන් පොලිස්පතිවරයාට පසුව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා බව පැවසෙන අතර වසරක සේවා දිගුවක් ලබා සිටින ඔහු ලබන ජූලි මාසයේදී විශ්‍රාම යෑමට නියමිත බව පැවසේ.

ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි ස්ථානයේ සිටින අනෙක් නිලධාරියා වන්නේ ජනාධිපති ආරක්ෂක අංශය භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා බව පැවසේ. පිළිවෙලින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර හා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන අය පිළිවෙලින් ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ තනි මතයට මීලග පොලිස්පතිවරයා පත් කිරීම සිදු කළ නොහැකි අතර ව්‍යවස්ථාදායක සභාව මෙන්ම පොලිස් කොමිසම හරහා යෝජනා වී ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් පත් කළ යුතුය. ඒ අනුව ඉදිරියේදී පොලිස් මුල්පුටුව ජනාධිපතිවරයා විසින් පත් කෙරෙනු ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්