මීලඟ ඇමෙරිකානු නායකත්වය ගැන පූටින්ගෙන් සුභවාදී බලාපොරොත්තුවක්!

Image result for puteenසිරියානු අර්බුදය විසඳීම සඳහා වූ වගකීම වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පැහැරියත් මීලඟ ඇමෙරිකානු නායකත්වය සමග එක්ව කටයුතු කරමින් එම ප්‍රශ්නය විසඳීමට සූදානම් බවට රුසියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයා සිදු කළ  ප්‍රකාශය  ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබෙන අතර එහිදී වැඩිදුරටත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සමග සිරියානු අර්බුදය විසඳීම සඳහා සිදුකළ ගනුදෙනු ඉතා අසීරු එකක් වූ බවත් කිසිඳු එකඟතාවයකට ඒමට ඇමෙරිකානු නායකත්වය කටයුතු නොකළ බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතා ආසන්න වී තිබියදී පුටීන් ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අවධානයක් මේ වනවිට යොමුව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්