කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ කොටසක් නායයාමේ අවදානමක පවතින බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද (27) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව බදුල්ල දිස්ත්රික් ආපදා කලමනාකරණ මධ්යස්ථානය එම පැලුම් ආසන්නයේ පිහිටි පේලි නිවාස අංක 14 සහ අංක 15 කොටස්වල පදිංචිකරුවන්ගේ ආරක්ෂිත ක්රියාමාර්ග ගනු ලැබීය. මෙයට පෙර 2014 ඔක්තෝබර් 29 වෙනි දින මීරියබැද්ද වතුයායේ කොටසක් දරුණු නායයාමකට ලක්විය. එයින් වතු නිවාස 150ක් පමණ මුලුමනින් ම විනාශ වී 192 පමණ පස්වලට යටවී මියගිය බව වාර්තා විය.
අලුතින් හට ගෙන තිබෙන අනතුරේ ප්රබලතාවය සම්බන්ධයෙන් මේ වනවිට වැඩි විස්තර අනාවරණය වී නැත.










