මිහින් ලංකා ගුවන් සේවයේ ප්රථම අධ්යක්ෂක මණ්ඩලය පත්කර ඇත්තේ රජයේ කිසිඳු අනුමැතියක් හෝ බලය පැවරීමකින් තොරව බව හෙලි වී තිබේ.
මේ බව හෙලිව ඇත්තේ ශ්රි ලංකන් ගුවන් සේවය, මිහින් ලංකා ගුවන් සේවය හා ශ්රී ලංකා කේටරින් ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ හා අක්රමිකතා සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති විමර්ෂණ කොමිසමේ සාක්ෂි විභාගයේදී ය. 4වන දිනටත් අද(11) ජනාධිපති විමර්ෂණ කොමිසම රැස් වෙන ලදී.
අදාළ සමාගම්වල සිදුව ඇති අක්රමිකතාගැන සෙවීමට පසුගිය පෙබරවාරි 14 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මෙම කොමිසමේ සභාපති ලෙස විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ග්රණරත්න මහතා කටයුතු කරන අතර අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්රාමික නියෝජ්ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්රී ලංකා ගිණුම් හා විගණන ප්රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.










