වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර නොහොත් `මිදිගම ලසා’ ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් දෙදෙනෙකු ගාල්ලෙදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර දිසා අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි..
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම අත්අඩංගුවට ගත් 07 දෙනා අතර වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර නොහොත් `මිදිගම ලසා’ ඝාතනයේ වෙඩික්කරුද සිටී.










