මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නත්තල් පණිවුඩ

ලොව ගැලවුම්කාර කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන නත්තල් උත්සවය දිළින්දන් සමඟ සැමරීම වැදගත් යෑයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නත්තල් පණිවුඩයේ සඳහන් වෙයි.

ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙසූ අසල්වැසි ප්‍රේමය ඉතා වැදගත් බවද ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය දුරලා එකාමෙන් එක්‌සිත්ව නත්තල සැමරීම කිතුණු බැතිමතුන්ගේ වගකීම බවද එතුමා සඳහන් කර සිටී.

මරියතුමිය ඉතාමත් ආදර්ශවත් චරිතයක්‌ යැයිද මේ රටේ සෑම කාන්තාවක්‌ම මරියතුමියගේ ජීවිතය ආදර්ශයට ගතයුතු අතර අද ඇතැමුන් කාන්තාවන්ගේ අගය නොදැන ක්‍රියාකරන බවද කාදිනල්තුමා පවසයි.

මෙදා නත්තල් උත්සවය මුල්කරගෙන ලොව පුරාම සාමය පැතිරේවා.

ඔබ සැමට සුබ නත්තලක්‌ !

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්