මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩකිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරාජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳහෙළීම සඳහා යමාමහ පෙළහර පෑමද අද වැනි පොහොය දිනක සිදුකර තිබේ.

යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවදිවීම වැනි කරුණු ද මැදින් පුර පසළොස්වක පොහොය දිනක සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්