සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස සැලකෙන මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ කිඹුල් වත් නුවරට වැඩ කිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
බුදුරජාණන් වහන්සේ 20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත්පුරයට වැඩිම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවදිවීම සහ මහා ප්රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීමද අද වැනි පොහෝ දිනක සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.










