මැදගම ගම්මාන දෙකක් හුදකලා කරයි

මැදගම ගම්මාන දෙකක් හුදකලා කරයි

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 254ක් ජීවත්වන ගම්මාන දෙකක් අද (20) දින දහවල් සිට හුදකලා කළ ප්‍රදේශ බවට පත්කළ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනය කරයි.

මැදගම ඉලුක්කුඹුර ග්‍රාම නිළධාරී වසමේ නිල්වලාගොඩ ගම්මානය හා 110, ඩී මැදගම මීගහවගුර ගම්මානය මෙලෙස හුදකලා බවට පත්කර තිබේ.

මෙම ගම්මානවලින් අහඹු ලෙස පුද්ගලයින් 73 දෙනෙකුට රැපිට් ඇන්ටිජන් පරික්ෂණය සිදුකිරීමෙන් පසු එයින් 56 දෙනෙකුට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇත.

වෛරසය ආසාදනය වූවන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා යොමුකර ගම්මානයේ ජනතාවට පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්