මැතිවරණ කොමිසම දඩයම අරඹයි-අතිරේක කොමසාරිස් තලංගම පළාත් සභාවට විසිකරයි

මැතිවරණ කොමිසම දඩයම අරඹයි-අතිරේක කොමසාරිස් තලංගම පළාත් සභාවට විසිකරයි

මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් නාමල් තලංගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර ඌව පළාත් සභාවට අනුයුක්ත කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනාගෙන් කෙනෙකු වන තලංගම මහතා අවංක, අපක්ෂපාතී, දක්ෂ නිලධාරියෙක් ලෙස කා අතරත් පිළිගැනීමක් තිබෙන අයෙකි.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් වීම හේතුකරගෙන ඔහුව මැතිවරණ කටයුතු වලින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා පළාත් සභාවට යෙදවීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටී.

මෙවැනි කටයුත්තක් සිදු වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.එවැනි උසස්වීම් ලැබූ තවත් නිලධාරීන් කීපදෙනෙකුම මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරමින් සිටියදී තලංගම මහතා පමණක් මෙසේ මාරු කිරීම මැතිවරණ දෙපාර්තමේන්තුව තමන්ට උවමනා පරිදි හසුරුවා ගැනීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළේ එක් පියවරකි.

නාමල් තලංගම මහතාගේ මේ මාරුව ක්‍රියාත්මක වුවහොත් එය පූර්වාදර්ශයක් කර ගෙන ඉදිරියේ දී මැතිවරණ දෙපාර්තමේන්තුවේ සිටින අත්දැකීම් සහිත දක්ෂ නිලධාරීන් සියලු දෙනා දෙපාර්තමේන්තුවෙන් පිටකිරීමට කොමිසම කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තු සභාවට අයත් ව තිබූ මැතිවරණ කොමිසම පත්කිරීමේ බලය 20වන සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා අතට ගත් අතර කොමිසමේ සභාපති ලෙස නීතිඥ නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්