මැකෝගේ තේරීමත් විශ්වා වර්ණපාල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත් කිරීම සඳහා වන ලිපිය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යොමු කර ඇත්තේ සන්ධානයේ වත්මන් මහලේකම් විශ්වා වර්ණපාල මහතා වෙත බව වාර්තා වේ.

ඊයේ (19) දිනයේදී මහ මැතිවරණයෙන් පසු ඒ ඒ පක්ෂවලන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය තමා වෙත ලබා දෙන ලෙසට වන ලිපිය මෙසේ මැතිවරණ කොමසාරිස්වරයා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂ වෙත යොමු කර තිබේ. සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ධූරයෙන් ඉවත් කිරීම නීත්‍යානූකූල බව මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන තිබේ.

මෙම ලිපිය යොමු කිරීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 12 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තේරීම අනුව විශ්වා වර්ණපාල මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කෙරෙනු ඇති බව පැවසේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්