මාසයක් වතුරයි බතුයි කෑවා ගෙදර යන්න දියව්… කන්දකාඩු රැඳවියන් විරෝධයේ – වීඩියෝ සහිතයි

මාසයක් වතුරයි බතුයි කෑවා ගෙදර යන්න දියව්… කන්දකාඩු රැඳවියන් විරෝධයේ – වීඩියෝ සහිතයි

මාසයක ආසන්න කාලයක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් රැසක් නිවෙස් වෙත පිටත් කරන ලෙසට ඉල්ලමින් විරෝධාතාවයේ නිරත වන බව වාර්තා වේ.

ඔ්මාන‌යේ සිට පසුගිය අප්‍රේල් මස 02 වැනි දින මෙම කණ්ඩායම මෙරටට පැමිණ ඇති අතර එතැන් සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රැගෙන ගොස් තිබේ. මේ දක්වා ඔවුන්ට අවස්ථා පහකදී පී.සී.ආර්. පරික්ෂණ සිදුකර ඇති අතර පසුගිය 22 වැනි දින අවසන් වරට පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබේ. එම පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා හෙළි නොකරමින් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට රැඳවියන් විරෝධය පළකරමින් සිටී.

ජපානයේ සිට පැමිණි පිරිසක් මෙම කණ්ඩායම සමඟ එකට රඳවා තැබීම නිසා මෙම පිරිසට මාසයකට ආසන්න කාලයක් නිරෝධායන මධ්‍යස්ථානය තුළ ගත කරන්නට සිදුව තිබෙන්නේ එම මධ්‍යස්ථානයේ පාලනාධිකාරියේ වරදින් බව පැවසේ.

වීඩියෝව මෙතැනින්….https://www.facebook.com/lankatruthofficial/videos/962579237885385

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්