මානව හිමිකම් කොමිසම නාවික හමුදාපතිගෙන් කරුණු විමසයි

හම්බන්තොට වාරායේ පැවති සත්‍යග්‍රහය අතරතුර එම ස්ථානයට ගිය නාවික හමුදාපතිවරයා එහි මාධ්‍ය වාර්තා කරණයේ යෙදී සිටි මාධ්‍යවේදියකුට පහර දීම ගැන කරුණු විමසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

මාධ්‍යවේදියාට පහරදීමේ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කළ එම කොමිසම මේ වනවිට පහර කෑ මාධ්‍යවේදියාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. 

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂණය සඳහා රූපවාහිනී දර්ශන හා ඡායාරූපද උපයෝගී කර ගන්නා බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. නාවික හමුදාපතිගේ කරුණු දැක්වීම ලද පසු විමර්ශනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සලකා බලන බවද කොමිසම පවසයි.

Related image

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්