මානව හිමිකම් කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක්

මානව හිමිකම් කොමිසමෙන් මුදල් අමාත්‍යාංශයට ලිපියක්

අබාධිතයින් සදහා රාජ්‍ය ආයතනයන්ට මෙන්ම වෙනත් පොදු ස්ථානයන් සදහා ප්‍රවේශවීමට අවශ්‍ය පහසුකම් සලසාදීමට අවශ්‍ය අරමුදල් ඉදිරි අයවැයෙන් වෙන්කරන ලෙස, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරතිබේ.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසිනි.

අබාධිතයින්ට රාජ්‍ය ආයතන හා වෙනත් පොදු ස්ථානයන්ට මෙන්ම ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා ද පහසුවෙන් ප්‍රවේශවීමට හැකිවනසේ ජ්‍යාතන්තර අනුග්‍රහය හා ජාතික නීති ප්‍රතිපාදන මත මෙම අරමුදල්              වෙන්කිරීමට ඇති හැකියාව හා අවධානය සදහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යෝජනා ඉදිරිපත් කර ඇත.

ගතවූ තෙවසරක කාලය තුලදී අබධිතයින් සදහා රාජ්‍ය ආයතනයන්ට හා වෙනත් පොදු ස්ථානයන්ට මෙන්ම ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ප්‍රවේශවීම් සකස් කිරීමට මානව හිමිකම් කොමිසම මගින් සිදුකර ඇති බවත්, ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ සහයෝගය මත අබාධිතයින්ට ප්‍රවේශ විය හැකි රාජ්‍ය ආයතන පිළිබඳව ගණනයක්ද කර ඇති බව පෙන්වාදෙයි.

දේශීය වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකින් අදාල ආයතනයට ප්‍රවේශ මාර්ගයක් නොමැතිවිම නිසා අධ්‍යාපන කටයුතු කරගෙනයාමට නොහැකි බව දැනුම්දී ඇතැයිද එම ලිපියෙන් පෙන්වාදී තිබේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එකඟ වී ඇති බැවින් අබාධිතයින්ගේ අයිතිවාසිකම් පිළිබද ජ්‍යාතන්තර නීතියේ පිහිට අබාධිතයින්ට මෙන්ම නාගරික හා ගම්බද ජනතාවටද සිය අවශ්‍යතවයන් සදහා විවෘත කලයුතු බවට හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 12 හා 14 වගන්තිවලින්ද ආබාධිතයන්ගේ අභිවෘද්දිය උදෙසා විශේෂ ක්‍රම හදුන්වා දී බවද එම ලිපියෙහි දැක්වේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්