මාධ්‍ය සන්දර්ශන අවසන් – ෆොන්ටෙරා යළිත් වැඩ

පසුගිය 23 සිට දින නියමයකින් තොරව වසාදැමූ ඇන්කර් වෙළෙඳ නාමය යටතේ කිරිපිටි හා ආශ්‍රිත නිෂ්පාදන කරන නවසීලන්ත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ලංකා සමාගම සිය මෙහෙයුම් කටයුතු ඊයේ (28) සිට නැවත ආරම්භ කර තිබේ.

ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන අලෙවිය තහනම් කරමින් පනවා තිබූ වාරණ නියෝගයද ගම්පහ දිසා අධිකරණය විසින් ඉවත් කරන ලදී.

තම සේවකයන්ගේ ආරක්‍ෂාව හා පවතින තත්ත්වය පිළිබඳව කරන ලද පුළුල් විමර්ශනයකින් පසුව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කරන බව ෆොන්ටෙරා ආයතනය කියා සිටී.

පවතින තත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ නවසීලන්ත රජයන් සමග එක්‌ව දිගින් දිගටම කටයුතු කරන බවද එම සමාගම නිවේදනය කරයි.

ආශ්‍රිත පුවත්

ෆොන්ටේරා තාවකාලිකව වසා දමයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්