මාතර කොල්ලයේ සැකකරු සැඟවූ ආයුධ පෙන්වීමට යාමේදී පොලීසියෙන් වෙඩි කා මරුට

මාතර කොල්ලයේ සැකකරු සැඟවූ ආයුධ පෙන්වීමට යාමේදී පොලීසියෙන් වෙඩි කා මරුට

මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වරණාභරණ වෙළඳසැලක් කොල්ල කෑමේ සිද්ධියට අදාලව ඊයේ (22) අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

අද(23) උදෑසන මාතර – කිරලකැළේ ප්‍රදේශයේ සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී සැකකරු පොලීසිය දෙසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බවත් පසුව පොලස් නිලධාරියෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් පොලීසිය පවසයි.

සැකකරු මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු කොස්ගොඩ තාරක නම් පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකි. කොල්ලය සම්බන්ධයෙන්  කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්