මහ බැංකුවට කෙලියා වාගේ වගා බදු අරමුදලටත් කෙලියා ද?

මහ බැංකුවට කෙලියා වාගේ වගා බදු අරමුදලටත් කෙලියා ද?

ගොවි ජනතාවට සහන සැළසීමට ඇති වගා බදු අරමුදල සතු මුදල්වලින් සිදුකර ඇත්තේ කුමක්දැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මොණරාගල, බුත්තල දී පැවැත්වූ ගොවි නියෝජිත හමුවකදී නාමල් කරුණාරත්න මහතා මේ බව විමසා සිටියේය.

අගමැතිවරයා යටතේ පැවති වගා බදු අරමුදල සතුව රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් පැවති බවත් එහි මේ වනවිට ඇත්තේ රුපියල් කෝටි 150ක පමණ මුදලක් බවත් නාමල් කරුණාරත්න මහතා පවසයි. සියළුම රාජ්‍ය හා රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවල ලාභයෙන් සියයට 1ක් ලබාගැනීමෙන් මෙම අරමුදල පිහිටුවා ඇති අතර ගොවි ජනතාව මුහුණදෙන ගැටළුවලදී ඔවුන්ට වන්දි ගෙවීම සඳහා මෙම අරමුදල යොදා ගනියි.

මෙම අරමුදල වෙනත් කිසිඳු කටයුත්තකට යොදා ගත නොහැකි බවත් මහ බැංකුවේ මුදල් වංචා කළ ආකාරයට වගා බදු අරමුදලත් කොල්ල කෑවාදැයි නාමල් කරුණාරත්න මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියි.

https://www.facebook.com/MDNamalKarunarathne/videos/1525505684252895/

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්