මහ පාර හුරු බව කී මහින්දලාට මාධ්‍යයෙන් පිළිතුරු…

මහ පාර හුරු බව කී මහින්දලාට මාධ්‍යයෙන් පිළිතුරු…

ආණ්ඩුව පසුගිය 09 වෙනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී ජන රැලියක් පවත්වා ආවේගාත්මක ප්‍රකාශ සිදු කළද ඒ මගින් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳෙන බව පුවත්පත් මගින් සෘජුව අවධාරණය කර ඇත.

ඊයේ (20) පලකරන ලද දේශය පුවත්පත තම දේශපාලන විග්‍රහයේදී මේ බව නැවත අවධාරණය කර තිබිණි. එහි ආණ්ඩුවේ රැලිය පිළිබඳව සඳහන් කර තිබුණේ මෙසේය.

“ආණ්ඩුව පසුගිය දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මහ විශාල රැලියක් පැවැත්වූවේද මෙම පසුබිමේ සිටිමිනි. එය තාවකාලික වින්දනයකට හේතු විය හැකි වුවද විශාල පිට්ටනි සෙනගින් පුරවා සාර්ථක රැලි පැවැත්වීමෙන් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඒ රැලියේ සාර්ථකත්වයෙන් උදම් වී තව තවත් රැලි පැවැත්වීමද සාර්ථක පියවරක් වන්නේදැයි රජය විසින්ම සොයා බැලිය යුතුය”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්