හංවැල්ල නගරයේ ඇති රාජ්ය බැංකුවට අද (10) දහවල් කඩා වැදුණු අයුධ සන්නද්ධ පුද්ගලයින් සිව් දෙනෙකු එහි ආරක්ෂක නිලධාරියාට වෙඩිතබා බැංකුව සතු මුදල් කොල්ලකා පළා ගොස් තිබේ.
ටී 56 ගිනි අවි තුනක් රැගෙන කොල්ලකරුවන් යතුරු පැදි දෙකකින් පැමිණ තිබේ. පසුව එක් යතුරුපැදියක් අතහැර කොල්ලකරුවන් සිව්දෙනාම එක් යතුරුපැදියකින් පලාගොස් තිබේ. බැංකුව සතු මුදල් ලක්ෂ 15ත් 20ත් අතර ප්රමාණයක් කොල්ලකරුවන් විසින් රැගෙන යන්නට ඇතැයි අනුමාන කෙරේ. වෙඩි ප්රහාරයට ලක්වූ බැංකුවේ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොස්ගම රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.









