මහේස්ත්‍රාත්ට තර්ජනය කළ මෛත්‍රී ගුණරත්නට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්…

මහේස්ත්‍රාත්ට තර්ජනය කළ මෛත්‍රී ගුණරත්නට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්…

සිය සේවාදායකයා වූ සුගීශ්වර බණ්ඩාරට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් උරණ වූ, නීතීඥ මෛත්‍රී ගුණරත්න, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

නීතීඥ මෛත්‍රී ගුණරත්න එම ක්‍රියාව හරහා වෟත්තීමය ආචාර ධර්ම උල්ලංඝනය කීරීමක්  මෙන්ම අධිකරනයට අපහාස කිරීමක්ද සිදුකර ඇති බවට යෝජනා කරමින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරනයේ ගරු විනිසුරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට ලිඛිතව කරුණු දක්වා ඇති බව පැවසේ.

එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න වරදකරු වුවහොත්, නීතීඥ භාවය අහෝසි වීමට මෙන්ම සිරදඩුවමකට යටත් වීමටද ඔහුට සිදුවනු ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්