මහේන්ද්‍රන් නෙවෙයි මේකනේ වැඩේ…

Image result for lakshman kiriellaමහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේනද්‍රන් විසින් සිය බෑනා අර්ජුන් ඇලෝසියස් සමග සිදු කළ ජනතා මුදල් මංකොල්ලකය සම්බන්ධයෙන් පසුගියදා රට හමුවේ තැබූ කෝප් වාර්තාව ගැන සභානායක, උසස් උධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (30) පැවති උත්සවයකදී අදහස් දක්වා තිබේ.

එහිදී කිරිඇල්ල අමාත්‍යවරයා පවසන්නේ මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් මධ්‍ය හමු පැවැත්වීම වැරදි බවත් කෝප් වාර්තාව එළියට පැමිණීමයට පෙර එම කමිටුවේ සාමාජිකයින් එවැනි මාධ්‍ය හමු 15ක් පවත්වා ඇති බවත්ය.

කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ පසු තමන් මාධ්‍ය හමු පිළිබඳවත් එම මාධ්‍ය හමු පැවැත්වූ කෝප් කමිටුවේ පුද්ගලයන් පිළිබඳවත් නීති අංශ දැනුවත් කරන බවත් කිරිඇල්ල මහතා පවසයි. 

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පළමුවෙන්ම මාධ්‍ය හමුවක් පවත්වමින් රට දැනුවත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ විසින් වන අතර ජවිපෙ දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා තොරතුරු අනාවරණය කිරීමටද කටයුතු කළේය.

මහේන්ද්‍රන් නෙවෙයි මේකනේ වැඩේ…

මහේන්ද්‍රන් නෙවෙයි මේකනේ වැඩේ…

Posted by Lanka Truth on Sunday, October 30, 2016

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්