මහීපාලගේ ‍වෙඩිබෙහෙත් තොගයක් අත්අඩංගුවට

සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත්ට අයත් අන්නාසියාගල ප්‍රදේශයේ ගලවළක ප්‍රයෝජනය සඳහා බලපත්‍ර රහිතව නීතිවිරෝධීව ලඟතබාගත් වෙඩිබෙහෙත් ‍තොගයක් මොලගොඩ ප්‍රදේශයේදී කෑගල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙඩිබෙහෙත් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා මහීපාල හේරත්ට අයත් ගල්වලේ වැඩකටයුතු සොයාබැලීමට පත් කර ඇති තැනැත්තා බවත් මහීපාල සිය මහ ඇමති බලතල යොදාගනිමින් මෙවැනි නීතිවිරෝධී කටයුතුවල නිරතවන වන බවත් මෙම අත්අඩංගුවට ගැනීම තුළින්ද අනාවරණය වී ඇත.

පසුගියදා මහ ඇමතිවරයා‍ගේ ආරක්ෂක පෙරගමන් රථයේ තිබී ගංජා තොගයක්ද අත්අඩංගවට ගන්නා ලදී.

වෙඩිබෙහෙත් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (2) අධිකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්