මහින්ද සුළඟ විකුණගෙන කන්න එපා… එස්.එම් චන්ද්‍රසේන විමල්ට, ගම්මන්පිලට කියයි…

මහින්ද සුළඟ විකුණගෙන කන්න එපා… එස්.එම් චන්ද්‍රසේන විමල්ට, ගම්මන්පිලට කියයි…

මහින්ද සුළඟ විකුණගෙන කෑමට කිසිවෙකුටත් දිය නොහැකි බවත් විපක්‍ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සිට කළ නොහැකි බවත් එය කරන්නට අවශ්‍යනම් විපක්‍ෂයට යා යුතු බවත් ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, අමාත්‍යවරුවන් වන විමල් වීරවංසට සහ උදය ගම්මන්පිලට සඳහන් කරයි.

“මහින්ද සුළඟ කාටවත් විකුණගෙන කන්නනම් බැහැ. මහින්ද සුළඟ ජනතාවගේ ව්‍යාපෘතියක්. මෙක සංවිධානය කරපු මොණිටර් කරපු පිරිසක් ඉන්නවා. ඒ නිසා මේකේ උරුමක්කාරයෝ කියලා කට්ටියක් බිහිවෙන්න විදිහක් නැහැ. මේකේ උරුමක්කාරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.” යැයිද ඔහු සඳහන් කරයි.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල කවුරුන්ද යන්න තමන්ට වැදිගත් නැති බවත් ඔවුන් ආණ්ඩුවෙන් ගැලවී යන්නේද නැද්ද යන්න තමන් නොදන්නා බවත් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්