මහින්ද – මෛත්‍රී ඉදිරියේ මහාචාර්ය විජේසූරිය, මහින්ද ශ්‍රීලනිපයට කළ දේ කියයි

යුද්ධය අවසන් කරමින් වැදගත් කාර්ය භාරයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට බරපතල හානියක් සිදුවීයැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ශ්‍රීලනිප මහා සමුළුවේ ආරාධිත දේශනය පවත්වමින් ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය සිදු කරන අවාසථාවේ වත්මන් ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රීලනිප හිටපු සභාපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද වේදිකාවේ එකලඟ අසුන්ගෙන සිටි ඇත.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ සිට වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන දක්වා ශ්‍රීලනිපයේ නායකත්වය දැරුවන්ගේ සමයේ පක්ෂයට වූ සුබ සිද්ධිය ගැනද ඔහු කතා කර තිබේ.

“චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සෙ පක්ෂයේ නායකත්වය ලැබූනෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඒ නායකත්වය යටතේ මේ රටේ අභිවෘද්ධියට කර ඇති සාධනීය කාර්ය අමතක කරන්න බැහැ. දීර්ඝ කාලයක් පැවති යුද්ධය අවසාන කිරීම අපි ගෞරවයෙන් සිහි කරනව. ඒ ගෞරවය එතුමාට මේ රටේ ජනතාවගෙන් හිමි වෙනව. ඒ වගේම බණ්ඩාරනායක මැතිණිය තම ධූර කාලය අවුරුදු 2න් වැඩි කරගත්ත වගේ බරපතල වරදක් මහින්ද රාජපක්ෂ මහත්තයත් කරනවා. ඒ වරද නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තියෙන ඉරණම ශෝක ජනකයි කියලයි පිටස්තරයෙක් විදියට මම දකින්නෙ.“ යනුවෙන් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්