මහින්ද පාර්ලිමේන්තු එන්නේ විමල්ගේ උපදෙස් මතලූ

කුරුණෑගල දිස්ති‍්‍රක්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකොට පාර්ලිමේන්තුවට තෙරී පත්ව මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයේ දිව්රුම් දී තවදුරටත් සකී‍්‍රය දේශපාලනයේ නිරතවන බව දන්වමින් පසුගිය 19දා නිකුත් කරන ලද නිවේදනය විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන අයගේ ඍජු මැදිහත්වීම මත මාධ්‍ය වෙත යොමු කෙරුණක් බව වාර්තාවේ.

සන්ධානයේ පරාජයත් සමග ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ අදහස වී ඇතැයි පැවසෙන්නේ  මහින්ද රාජපක්ෂ මහතා සකී‍්‍රය දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි. ඊට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම් දුනහොත් ඔහුට පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කිරීමට සිදුවීමත්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී ඔහු සතු ජනාධිපති මුක්තිය අහෝසිවීමට පවතින අවදානමත්ය. එසේ මුක්තිය අහෝසිවීමේ තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඔහුට එරෙහිව මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ලකොට අධිකරණය හමුවට පැමිණීමේ වැඩි අවස්ථාවක් පවතී.

 

කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ මෙම අනතුරු ඇඟවීම් නොතකා මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර ඇතුළු සීමිත පිරිසක් එක්ව සම්පාදනය කළ නිවේදනයකට හදිසියේ අත්සන් කොට ඇත. විමල්, වාසු ඇතුළු පිරිස මෙසේ හදිසියේ නිවේදනයක් සකස් කොට අත්සන් ලබාගෙන ඇත්තේ එදින (19 දා) උදෑසන මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රංශ පුවත් සේවයට ලබාදුන් ප‍්‍රකාශයකි. ඔහු ප‍්‍රංශ පුවත් සේවයට සඳහන් කර තිබුණේ ලද පරාජය පිළිගනිමින් ජනතා මතයට ගරුකරමින් කටයුතු කරන බවයි. මෙම ප‍්‍රකාශය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගනු ඇතැයි බියව ඇති අදාළ පිරිස මෙම නිවේදනය ඔහු ලවා අත්සන් කරවාගෙන මාධ්‍යයට නිකුත් කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්