පසුගිය ජනපතිවරණයේ දී මහින්දරාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් රුපියල් කෝටි ගණනක දැන්වීම් නොමිලේ පළ කළැයි ස්වාධීන රූපවාහිනියට එරෙහිව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමේ පැවති පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (29) අවසන් වූ අතර ඊට අදාළ ප්රකාශයක් ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද එහි පැමිණ තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට එන විට එහි කටයුතුද අවසන් වී ති බූ බව වාර්තා වේ.
කෙසේ නමුත් විත්තයේ ශාක්ෂි විභාගය සඳහා ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, එහි අරුණ මූර්ති විජේසිංහ, උපාලි රංජිත් හා දිලීප වික්රමසිංහ කැඳවීමට නියමිත බවද වාර්තා වේ.










