මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කුරුණෑගල දිස්ත්රික්කයෙන් නාමයෝජනා දීමට නියමතව ඇති අතර ඔහුගේ ආරක්ෂකයන්ගේ උපදෙස් මත මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂකයන් නාමයෝජනා බාර දීම අවාරණය කිරීම සඳහා මාධ්යවේදීන්ට කුරණෑගල දිස්ත්රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීම අද (13) උදේ තහනම් කර තිබේ.
ඉහළ නියෝගයක් අනුව මාධ්යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස දිස්ත්රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගසිංහ මහතා පැවසූ බව දිස්ත්රික් ලේකම් කාර්යාලයයේ ඉදිරිපිටට ආ නිලධාරියකු ප්රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් මාධ්යවේදීන් කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට පැමිණිලි කළ පසු කුරුණෑගල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මහතා පැමිණ මාධ්යවේදීන් දිස්ත්රික් ලේකම් කාර්යාලය තුළට කැඳවාගෙන යාම සිදු කර තිබේ.









