හිටපු බලස්නාහිර පළාත් සභා, ගම්පහ දිස්ත්රික් මන්ත්රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනෙකු බෝපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ජන ජීවිත අනතුරේ හෙළමින් මුතුරාජවෙල තෙත් බිම් වැනසීමට එරෙහිව අද (07) පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගීවීම හේතුවෙනි.
එම විරෝධතාවය අද මධ්යාන 12.00ට බෝපිටිය මංසන්ධියේදී පැවැත්වීමට සූදානම් කර තිබී ඇත. එම විරෝධතාවය ආරම්භ කර තිබියදී පොලිසිය විසින් එම උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. ඒ අනුව පිරිස විරෝධතාව නතර කර විසිර යමින් සිටියදී මෙලෙස මහින්ද ජයසිංහ මහතා පොලිසිය විසින් පමුනුගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල පොලිසියෙන් වන අතර මේ වනවිට ඔහුද බෝපිටිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ.
ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










