මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය වසර දහයක කාලයක් පුරා පවත්වාගෙන එන ලද ”මහින්ද චින්තන””මහින්ද චින්තන ඉදිරි දැක්ම”සහ ”මහින්ද චින්තන ලොව දිනන මඟ”ආදී වශයෙන් වූ ප්රචාරක පාඨ මෙවර මහා මැතිවරණයේදී අත්හැර දමා තිබේ.
කුරුණෑගල දිස්ති්රක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්, මහාමැතිවරණයට ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂ පසුගිය 28 වෙනිදා ඉදිරිපත් කළ ප්රතිපත්ති ප්රකාශනය නම්කර තිබෙන්නේ රටට පණදෙමු, අලූතෙන්ම පටන් ගමු, අනාගතයට සහතිකයක් යන්නය.
එම ප්රකාශනයේ ආර්ථික පොරොන්දු රාශියක් අඩංගුය. ඒ අතර විශේෂත්වයක් වන්නේ රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000ක් කරන බවට තිබෙන පොරොන්දුවය. 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් මහින්ද රාජපක්ෂ ප්රකාශ කළේ, රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 2500/-කින් වැඩිකරන බවය. තමන්ට කළ නොහැකි පොරොන්දු නොදෙන බව කී මහින්ද රාජපක්ෂ මේ වන විට ඔහුටම එරෙහි වෙමින් ”මහින්ද චින්තන”අත්හැර ආකර්ශනීය ආර්ථික පොරොන්දු දීමට මූලිකත්වය දී ඡුන්ද ලබාගැනීමට සැලසුම්කර තිබේ.









