එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු වහාම දේශපාලන පත්වීම වශයෙන් රැකියා ලක්ෂයක් ලබාදෙන බව එම පක්ෂයේ කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා ජනහමුවකදී අනාවරණ කළ බව දිනපතා පුවත්ලතක වාර්තා කර තිබිණ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික රුවන් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීරිගම මැතිවරණ කොට්ඨාෂයේ පවත්වන ලද ජනජය වැඩමුළුවේදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.
කබීර් හෂීම් මන්ත්රීවරයා අවධාරණය කර ඇත්තේ මෙම තීරණය එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය විසින් ගණ්නා ලද බවය. මේ වනවිට විශාල පිරිසක් රැකියා විරහිතව සිටින අතර රජයේ සංඛ්යාලේකණ අනාවරණය කරන ප්රමාණයට වඩා වැඩි බව හෙළිවී තිබේ. මෙසේ තිබියදී වත්මන් ආණ්ඩුව සමෘද්ධි, දිවිනැගුම වැනි ක්ෂේත්රවල දේශපාලන පත්වීම් ලබාදී තිබියදී එක්සත් ජාතික පක්ෂයද එයම කරන බව බලය නොමැති අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ප්රකාශ කර තිබේ.









