මහින්දට සන්ධානයත් අහිමි වෙයි

ඊයේ(14) එජනිස පක්ෂ නායකයින් හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවේදි සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගෙන ඇති බව වාර්තා වේ. ඊට සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියද හිමි වූ බව වාර්තා වේ.

ඊට අමතරව එම සන්ධානයේ ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු අමාත්‍යවරයාත් උප ලේකම් ලෙස හිටපු ඇමති මහින්ද අමරවීර මහතාත් පත් කරගෙන තිබේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි සන්ධානයේ පක්ෂ කිහිපයක් පසුගිය දිනවල කියා සිටී අතර මින් ඉදිරියේදී එම පක්ෂවල දේශපාලන පැවැත්මද ඉතා අවිනිශ්චිත තත්වයකට පත්විය හැකි බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්