එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පාර්ශවකරුවන් කුමන උත්සාහයක් ගත්තද වර්තමානයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිකරගෙන සිටින ජ්යෙෂ්ඨ නායකයන් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට තදබල ලෙස විරුද්ධ ස්ථාවරයක සිටින බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට අගමැති අපේක්ෂකත්වය ලැබීම කිසිසේත් සිදු නොවන බව ශ්රීලනිපයේ අභ්යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් ශ්රීලනිපයේ බලාපොරොත්තුව අගමැති අපේක්ෂකයෙකු නම් නොකර මැතිවරණයට යෑම බවද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි දැඩි රාජපක්ෂවාදීන් ශ්රීලනිපය සමග එක්ව තරග කිරීම ගැනද පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයන්ගේ බලවත් විරෝධය පළවී ඇති බවද පැවසේ. එහි ප්රතිඵලයක් ලෙස වීරවංස හා ගම්මන්පිල වැනි අයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධනයේ නාමයෝජනා ලැබීම සැකසහිත බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රීලනිපය සමග තරග කළහොත් ලැබීමට තිබෙන ඡන්ද පවා අඩුවිය හැකි යැයි ශ්රිලනිපය ගණන් බලා ඇතැයිද පැවසේ.
මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ඒමට අවශ්යව තිබෙන්නේ විමල් වීරවංසලාට හා සංවර්ධන ව්යාපෘති හරහා ධනවත් වූ ප්රාදේශීය දේශපාලකයන්ට බවත් එම ව්යාපෘතිය පරාජය කොට නව නායකත්යක් යටතේ තරග කිරීම ශ්රීලනිප ජ්යෙෂ්ඨ නායකයන්ගේ අදහස බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.









