මහින්ද ආයිත් පරදිනවා. අගමැතිකම දෙන්න ශී්රලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨයෝ තව ඉන්නවා. ඒ අයගේ අවස්ථාව තමයි මහින්ද ඔහු නැති කරන්නේ. මේ මෛතී්රපාල සිරිසේන මහතාගේ පශ්චාත් නාමයෝජනා කතාවයි. මින් ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ ආයෙත් සැරයක් පරදිනවා යන්න තහවුරුකර ඇත. ඊටත් වඩා අගමැතිකම නම් කෙසේවත් මහින්දට දෙන්නේ නැති බව අවධාරණය කොට ඇත. පැයක් පුරා කළ කථාවේ වැදගත්ම සාරාංශය එය විය. හරයෙන් ගත්විට කථාවේ අඩංගුව දේශපාලනයේ තීරණාත්මක වෙනස්කමකට මූලාරම්භයක් පිරීය.
එය එසේ වුවද මෙය හොඳටම ප්රමාද වී කළ කතාවකි. අශ්වයා ගියපසු ඉස්තාලය වසා දැමුවා වැනි වැඩකි. සැබවින්ම මෛතී්රපාල මහතා මේ කතාව කළ යුතුව තිබුණේ නාමයෝජනා භාරදීමට පෙරය. ඒ මොහොතේ මේ කතාව කළේ නම්, මෛතී්රපාල මහතා ගොඩය. රටේ යහපාලනය පිළිබඳව බලාපොරොත්තු තියාගෙන සිටි ජනතාවත් ගොඩය. මෛතී්රපාල මහතාට මුළු රටෙන්ම කුණු බැනුම් අහන්න වෙන්නේ ද නැත. පැයක් පුරාවූ මෛතී්රගේ කතාවේ ප්රධාන කරුණු දෙකක් හරියට පැහැදිලි කළේ ද නැත. එය එසේ වූයේ නම්, කථාවේ ඇත්ත හරිහැටි තේරුම්ගත හැකිය.
මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදෙන්නට මෛතී්රපාල මහතා එකඟ වූ බවක් සන්ධාන නායකයෝ පැවසූහ. ඔවුන් එසේ කීවේ සන්ධාන මහලේකම් සුසිල් පේ්රමජයන්තගේ අත්සනින් යුත් ලිපියක්ද මාධ්යවෙත ඉදිරිපත් කරමින්ය. එම ලිපියේ සඳහන් වූයේ මහින්ද නාමයෝජනා දෙන්නට සන්ධානයේ සභාපති ලෙස මෛතී්ර එකඟ වූ බවය. එය වැරදි නම් මෛතී්ර කළ යුතුව තිබුණේ හැකි ඉක්මනින් මාධ්ය වෙත එය වැරදි ලිපියක් බවට මාධ්ය නිවේදනයක් නිකුත් කිරීමය. එසේත් නැතිනම් රටේ ජනාධිපතිවරයා ලෙස තමන්ගැන වැරදි අදහසක් ප්රකාශ කිරීම පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීමය. මේ දෙකෙන් එකක් වත් මෛතී්ර සිදුකළේ නැත.
අනෙක් කාරණය මහින්ද – මෛතී්ර හමුවීම පිළිබඳ කතාවය. අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂව මුණගැසුණු බව මෛතී්ර පිළිගත්තේය. ඉන් අවස්ථා දෙකක් ගැනම තොරතුරු හෙළිදරව් කළේය. එහෙත් අත්යාවශ්යයෙන්ම කිවයුතු වූ තුන්වන හමුවීමේදී කතාකරපු දේවල් එකක්වත් කිව්වේ නැත. ඒ හමුවීම රහස් හමුවීමක් බව රටම දන්නා දෙයකි. ඔහු විසින් කිවයුතුව තිබුණේ එම රහස් හමුවීමේදී කතාකරගත් දේවල්ය. එය නොකියා සිටීම ම බරපතල සැකසංකා උපදවන්නකි.
කොහොම වුනත් පක්ෂ නායකයෙකු අවශ්ය වන්නේ සිද්ධීන් පිළිබඳ පසු පැහැදිලි කිරීම්වලට නොවේය. අවශ්ය මොහොතේ අවශ්ය තීන්දු තීරණ ගැනීමටය. එය මෛතී්ර හරියට කළේ නැති බව මුළු රටම දන්නා දෙයකි. දැන්වත් ඍජු තීන්දු තීරණ ගෙන මහින්ද රාජපක්ෂ ගජමිතුරු කණ්ඩායමට එරෙහිව කි්රයාත්මක වේ යැයි මුළු රටම බලාසිටී. එය එසේ සිදුවුවහොත් මෛතී්ර ඉතිහාසගත වේ. එසේ නොවුනහොත්, ඉතිහාසයේ කුණු කූඩයට වැටීමද වැළැක්විය නොහැකිය.
කෙසේ වෙතත් මෛතී්ර ප්රකාශයත් සමග සියල්ල ව්යාකූල වී ඇත. රනිල් වික්රමසිංහ මහතා ගැන කීවේද අමුතු කතාවකි. මහ බැංකු මූල්ය වංචා සිද්ධියේදී තමන් ඔහුව ඉවත් කරන ලෙස රනිල්ට, දැනුම් දුන්බව කිව්වේය. එය එසේනම් මහ බැංකු මූල්ය වංචාවත් රනිල් හරහා සිදුවූ බව ඉතා පැහැදිලිය. නැත්නම් අර්ජුන් මහේන්ද්රන්ව අයින් කරන්නේ යැයි කිවයුතු නොවේ. එජාපය කෙතරම් උත්සාහ කළත් එය එසේ වූයේ නැහැ යයි කියන්න දැන් ඒ ගැන ඉතා පැහැදිලිය. මෛතී්රගේ කතාවෙන් මහින්දට මරු පහරක් එල්ල කළාසේ ම, රනිල්ටද මරු පහරක් එල්ල කළේය. මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ යයි කිව්වා සේම, රනිල්ට අගමැතිකම දිය නොහැක. මහ බැංකු මූල්ය වංචාව ගැන මෛතී්ර පැහැදිලිව චෝදනා එල්ල කළේ රනිල්ටය. එවැනි මහා පරිමාණ මූල්ය වංචාවක්, ඥාති සංග්රහයක් සිදුකිරීමට අනුබල දුන්, අමාත්යවරයෙකුට අගමැතිකම කෙසේවත් දිය නොහැකිය. මෛතී්රගේම ප්රකාශයට අනුව මහින්දත්, රනිලූත් දෙදෙනාම අගමැතිකම දීමට නුසුදුස්සෝ වී අවසානය. මෛතී්රගේ කතාවෙන් පස්සේ උඩපනින එජාපයේ නායකයන් මෙය තේරුම්ගත යුතුය. රට ගැන හිතන මධ්යස්ථ මතධාරීන්ද මේ ගැන හොඳින් සිතිය යුතුය. ඒවගේම රනිල්ගේ පැත්තෙන් කළ යුතුව තිබූ බොහෝ දේවල් නොකළ බවක්ද කිව්වේය. ‘‘තොරතුරු දැනගැනීමේ අයිතිය පනත’’, ‘‘විගණනසේවා පනත’’, මැතිවරණ සංශෝධන පනත යනාදිය ගෙන ආ හැකිව තිබූ දේවල්ය. ඒවා නොගෙනාවේ එජාප නායකත්වය විසින් බව කියමින් රනිල්ට හිල්වෙන්න ටොක්කක් ඇන්නේය. මෛතී්රගේ කතාව නිසා උඩ පනින එජාපයේ අය මේ ගැනත් තේරුම්ගත යුතුය.
කෙසේ වෙතත් පසුගිය සතියේ දේශපාලනය මෛතී්ර ප්රකාශයෙන් මුළුමනින්ම උඩුයටිකුරු විය. ශී්ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සංධානය අවුලෙන් අවුලට පත්විය. පක්ෂයේ මධ්යම කාරක සභාව උසාවි නියෝග මගින් නවත්වන තත්වයට පත්විය. බොහෝ අය වෙන වෙනම මාධ්ය සාකච්ඡුා පැවැත්වූහ. සමහරු දේශ පාලනයෙන් සමුගන්නා බවට ප්රකාශ ද නිකුත් කළෝය. ඒ අතර, මහින්ද අගමැතිකරනවා යැයි මහින්දව කරේ තියාගෙන ගිය දිනේෂ්ලා, වීරවංශලා, වාසුලා, ගම්මන්පිලලා, ඇටිකෙහෙල්කාපු උගුඩුවන්ගේ තත්වයට පත්වූහ. සුසිල් පේ්රමජයන්තලා රෙදි ගලවාගෙන ප්රකාශ නිකුත් කරන්න විය. සියල්ල උඩුයටිකුරු විය.
මෛතී්රගේ මහ ඉහළින් අගය කරන චම්පිකලා, රාජිතලා, කරකවලා අතහැරිය තත්වයට පත්විය. අලියාගෙන් රනිල් එක්ක එක වේදිකාවකට න`ගින විට රනිල් මහ බැංකු වංචාවේ පුරෝගාමී වැඩකොටස කළ කෙනායැයි මෛතී්රම ප්රකාශ කර ඇත. තවදුරටත් රෙදි ඇඳගෙන අලියා පිටේ නැ`ගලා ධර්ම රාජ්යයට යන්නේ කෙසේද යන්න හෙළ උරුම පාක්ෂිකයන්ම ඔවුන්ගෙන් ප්රශ්න කරමින් සිටී. තමන්ගේ පාක්ෂිකයන් රැුවැට්ටීමට අද හතරවරම් ගහමින් සිටී. තනිවම ඉල්ලා මන්තී්රකම බේරාගන්න බැරි නිසා, අලියාගේ පිටේ නැග්ග එක මුළු රටම දන්නා ඇත්ත තත්වයකි. මොන කතා කිව්වද ඒක වසංකරන්න කොහෙත්ම හැකියාවක් නැත. රනිල්ට ද චම්පිකලා එකතුකර ගැනීම මන්තී්ර ධුරයක් දෙනවාට වඩා වාසිදායකය. මහ බැංකු මූල්ය වංචාව , කරුංකා කන්ටේනර් මගඩිය, ඩයස්පෝරා හුරතල් කරන කතාව අධිරාජ්ය ගැති කතාව ඒ සියල්ලට දැන් චම්පිකලා උත්තර දෙනු ඇත. කොටින්ම කියතොත් එජාපයට චම්පිකලා විසින් ජාතිකවාදී පෙනුමක් ලබාදෙනු ඇත. මෙය රනිල්ට වාසියකි. මන්තී්රකම් දෙකක් කැපකළේ ඒ වෙනුවෙන්ය. ඉන් ලබන දේශපාලන වාසිය ඊට වඩා වැඩිය. දැන් ඉතිං චම්පිකලාට රාජිතලාට මහබැංකු මූල්ය වංචා ගැන කතාකරන්න බැරිය.
හෙට අනිද්දා වන විට තව තව දේශපාන රැුලි-සුළි එනවා ඇත. එහෙත් ඒ සියලූ රැුලි-සුළි දැන් ජනතාව හොඳින් අත්දැක ඇත.ජනාධිපතිවරණය කාලයේත් මෙවැනි සුලි ඇති විය. එවැනි සුළිවලින් රටේ අනාගතය තීන්දු වන්නේ නැත. ආණ්ඩුවක් නිවැරදි මගට ගැනීම සඳහා ජනතා බලයක් තිබිය යුතුය. එසේ නොමැති වුවහොත්, පක්ෂ නායකයෝ පිස්සු කෙළිනවා ඇත. අද මුළු රටම කතාකරන්නේ පිරිසිදු අය පාර්ලිමේන්තු යැවීම ගැනය. පිරිසිදු අය ඉන්නේ කොතැනද යන්න තේරුම් ගන්න. එදාට වඩා අද ජනතාව බුද්ධිමත්ය. අත්දැකීම්වලින්ම ඒ පිළිබඳ තීන්දු ගැනීම පහසු කර ඇත. එසේ නම් දැන් අවශ්යව ඇත්තේ ඒ සඳහා ධෛර්යමත්ව ඉදිරියට ඒම පමණකි. වෙච්ච දේ පිළිබඳව පසුතැවීම්වලින් පලක් නැත. ඉදිරිය නිවැරදි කරගැනීම වෙනුවෙන් ධෛර්යමත් නිවැරදි තීන්දු ගත යුතුවේ.









