එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ප්රතිපත්ති ප්රකාශනයේ හා සියලුම ප්රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති වර්ණ කිහිපයකින් සමන්විත පටිය විදේශ සමාගමකින් සිදු කළ නිර්මාණය කොපියක් බව අනාවරණය වී තිබේ.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මුලස්ථානය පිහිටා ඇති ‘ෂටර්ස්ටොක්‘ නැමති සමාගම විසින් සිදු කර ඇති නිර්මාණයක් මෙසේ සන්ධානය යොදා ගෙන තිබේ. සන්ධානයේ ප්රතිපත්ති ප්රකාශනයට හා අනෙකුත් සියලුම ප්රචාරක කටයුතු සඳහා මෙම පටිය යොදා ගෙන තිබේ. කොළ, කහ සහ රතු රැලි සහිත මෙම රැලි පටිය යොදා ගැනීම තුළින් සන්ධානයේ බංකොලොත් භාවය ඉතා හොඳින් පැහැදිලි වේ. විශේෂයෙන්ම රාජ්ය බලය නොමැතිව මෙවර පවත්වන මහ මැතිවරණයේදී සියලු ක්ෂේත්රයන්ගෙන් සන්ධානය දැඩි දේශපාලන පසු බෑමකට ලක් වී තිබේ.









