මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ කල්ලිය සන්ධානය තුළ සිටින රාජපක්ෂ විරෝධීන් මර්දනය කිරීමේ අලුත්ම ක්රමය මේ වනවිට ක්රියාත්මක කරමින් සිටින බව හෙළි වේ.
ඒ මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දිස්ත්රික් රැලිවලදී රාජපක්ෂ පිල නියෝජනය නොකරන මෛත්රී පාර්ශවයේ පිරිස් එම රැස්වීම් අමතන විටදී සංවිධානත්මක කණ්ඩායම් යොදවා ඔවුන්ගේ කතාවලට බාධා කිරීම හා හූ තැබීමට කටයුතු කිරීමයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග ඔහුට එරෙහිව ප්රසිද්ධියේ ප්රකාශ සිදුකළ පිරිස් මෙන්ම හවුල් ආණ්ඩුවේ ඇමතිධූර බාරගත් පිරිස් වෙත මෙම හූ සංග්රහ සිදු කිරීමට උපදෙස් දී තිබේ. පසුගියදා මාතලේ පැවැති රැලියකදී නන්දිමිත්ර එකනායකට එරෙහිව එය ක්රියාත්මක වූ අතර මහින්ද සමරසිංහ ඇමතිවරයා ප්රකාශ කර සිටියේ තමාට එරෙහිවද එවැනි කුමන්ත්රණයක් ඇති බැවින් මහින්ද රාජපක්ෂ සහභාගී වන එම රැලියට සහභාගී නොවන බවය. එසේම අද (30) මොනරගලදී පැවැති මහින්ද රාජපක්ෂ සහභාගී වූ රැලියේදීද ජගත් පුෂ්පකුමාර හා විජිතමුණි සොයිසා ඇමතිවරයින්ට එරෙහිව එවැනිම හූ සංග්රහයක් පවත්වා තිබේ.
රාජපක්ෂ පිල නියෝජනය නොකරන පිරිසට නොව ජනතාව වැඩි ඡන්දයෙන් ප්රතික්ෂේප කරනු ලැබූ පාලකයෙක් කිසිදු ලැජ්ජාවක් නොමැතිවර නැවතත් පාර්ලිමේන්තුවට රිංගීමට දරණ උත්සායට ජනතාව හූ තැබිය යුතු බව මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන නිරීක්ෂකයෝ පවසති.









