මහම්මුද් අබ්බාස් අද දිවයිනට

පලස්තීන ජනාධිපති මහම්මුද් අබ්බාස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණේ.

පලස්තීන නායකයා ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ විශේෂ ආරාධිතයෙකු ලෙසය.

පලස්තීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාල සීමාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කට‍යුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහත්වරු ඇතුළු රජයේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්